Iklan

කටුනායකට ආ ගුවන්යානා 6ක් මත්තලට සහ ඉන්දියාවට යොමු කෙරේ

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T18:19:12Z
masukkan script iklan disini

 


අද (26) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීම සඳහා පැමිණි ගුවන්යානා 06ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ.


කටුනායක අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙනි. 


ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සහ මාලදිවයිනේ මාලේ නුවර සිට පැමිණි ගුවන්යානා මෙන්ම අබුඩාබි සිට පැමිණි ගුවන්යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.


මීට අමතරව ජපානයේ නරීටා, ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන්යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත යොමු කෙරුණි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads