masukkan script iklan disini
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම දැරියන් අද(21) පෙරවරුවේ රෝහල් ගත කොට ඇති අතර ඊයේ (20) රාත්‍රී බත් සමග මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු ඇති වූ කිසියම් ආසාත්මිකතාවයක් හේතුවෙන් එසේ රෝහල් ගත කර තිබෙන බවයි පැවසෙන්නේ.
එසේ රෝගී වූ දැරියන් අවුරුදු 15-17 වයසේ පසුවන අතර තලාතුඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

