Iklan

ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන

Thursday, November 21, 2024
Last Updated 2024-11-21T15:57:35Z
masukkan script iklan disini

 


ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයයට එක්වෙමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

"යහපත් රාජ්‍යක් ගොඩනගනවා නම් එහි ප්‍රධානම පදනමක් බවට නීතියේ විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි. ඒ නිසා අපි රාජ්‍යක් හැටියට ජනාධිපතිවරයා ලෙසත් අපේ ආණ්ඩුව ලෙසත් අපි මේ නිතියට යටත්. කිසිදු දේශපාලකයෙක් හෝ අධිකාරි බලයක් තිබෙන කිසිවෙක් මින් පසුව නීතියට උඩින් සිටින්නේ නෑ හැම දෙනාම තීනියට යටත්ව සිටිය යුතුයි. ඒ වගේම නීතිය පිළිබඳව ජනාතවගේ බිඳ වැටුණු විශ්වාසය නැවත තහවුරු කළ යුතුයි. මෙතැනදි කිසිසේත්ම අපිට කිසිවෙකුගේ පළිගැනීමට කිසිවෙකු හඹා ගොස් දඩයම් කිරීමට වුවමනාවක් අපිට නැහැ. හැම කෙනාටම නිදහසේ තමන්ගේ දේශපාලනය කරන්න තිබෙන අයිතිය තහවුරු කරනවා. හැබැයි ලංකාවේ ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාධකරුවන් කල්පනා කරනවා නම් ඒවා කාලයේ වැලිතලාවෙන් යටපත් කරලා අවසන් කරන්න පුළුවන් කියලා ඒ නීතිය පිළිබඳව ජනතාවගේ තිබෙන විශ්වාසයේ බිඳ වැට්ටවීමක්. නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න නම් ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන් පිළිබඳව යලි විමර්ශනය කොට වින්දිතයන්ට සාධාරණයත් අපරාධකරුවන්ට දඬුවමත් ලබා දිය යුතුයි. ඒ නිසා විවිධ අවස්ථාවල මේ රටේ සිදුවී තිබෙන අපරාධ තමන්ගේ දේශපාලන වේදිකාවේ දේශපලන සටන් පාඨ බවට පත් කරගෙන තිබෙනවා. හැබැයි ගොඩනැගුණු කිසිදු රාජ්‍යක් ඒ පිලිබඳ සාධාරණය ඉටු කරගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා මම ඔබට සහතික වෙනවා ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන් එහි වගඋත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන් නීතිය හමුවට ගෙනියන බවටත් සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. අපිට අවශ්‍යයි නීතිය යුක්තිය සාධාරණත්වය ඉටුවන රාජ්‍යක්. ඒ රාජ්‍ය මේ ලැබී තිබෙන ජනවරම තුළවත් ස්ථාපිත කරන්න අසමත් වන්නේ නම් යළි එවැනි රාජ්‍යක් පිළබඳව සිහින දැකීමෙන් වත් පළක් නෑ." 

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads