Iklan

කිඹුලෙකු විසින් මිනිසෙකු ඩැහැගෙන යයි

Friday, November 29, 2024
Last Updated 2024-11-29T18:25:56Z
masukkan script iklan disini

කිඹුලෙකු විසින් පුද්ගලයෙකුව ඩැහැගෙන යෑමේ සිද්ධියක් පොතුවිල් පොලිස් වසමේ ක්‍රොකඩයිල් රොක් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


ඊයේ (28) සවස් කාලයේදී ක්‍රොකඩයිල් රොක් ප්‍රදේශයේ දූව ගංගාවෙන් මී හරකුන් එගොඩ කරමින් සිටි පුද්ගලයෙකුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට පොතුවිල් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත.


සිද්ධියට මුහුණපා ඇත්තේ වයස අවුරුදු 41ක් වූ පසරච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


අතුරුදහන් පුද්ගලයා සොයා පොලීසිය හා පානම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් එක්වී මෙහෙයුම් සිදුකරයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads