Iklan

උපකාරක පන්ති ගැන රජය ගත් තීරණය

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T08:55:35Z
masukkan script iklan disini

 


උපකාරක පන්ති තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.


අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අධ්‍යාපනය පුළුල් ප්‍රතිසංස්කරණයක් තුළ බොහෝ වෙනස්කම් සිදුකළ යුතුව ඇතැයි ද ඒ මහතා පැවසීය.


ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අධ්‍යාපනය නවීකරණය සහ පුළුල් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.


ඒ අනුව විධිමත් සාකච්ඡාවකින් පසුව විභාග ක්‍රමය ඇතුළු සමස්තය සම්බන්ධයෙන් වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙන බව ද අමාත්‍යවරයා පැවසීය.


අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකරන වෙනස්කම් රජය දැඩි අවධානයෙන් යුතුව කරන බවත්, කේෂ්ත්‍රයේ පුද්ගලයින් සමග සාකච්ඡා කර ස්ථීරසාර තීන්දුවක් ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads