Iklan

අධි අවදානම් ප්‍රදේශවලට නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T18:27:24Z
masukkan script iklan disini

 


ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙස නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09කට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් කෙරුණි.
 
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ වර්ෂාව තවදුරටත් පවතී නම් බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩාවැටීම් අනතුරුවලින් වැළකීම සඳහා යුහුසුළුව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසය.

මහනුවර දිස්ත්‍රික්කය - හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවට කෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, උඩුනුවර, පාතදුම්බර, දෙල්තොට

මාතලේ දිස්ත්‍රික්කය -  උකුවෙල, යටවත්ත, රත්තොට, විල්ගමුව, අඹන්ගඟ කෝරළය, ලග්ගල, පල්ලේගම, පල්ලේපොළ, නාඋල, මාතලේ 

නුවරඑළිය දිස්ත්‍රික්කය - වලපනේ


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads