Iklan

මෑත ඉතිහාසයේ ගොඩබිම ලොකුම මත්ද්‍රව්‍ය වැටලීම

Thursday, November 21, 2024
Last Updated 2024-11-21T16:31:07Z
masukkan script iklan disini

 


රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් ගාල්ල, මාපලගම ප්‍රදේශයේදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිය භාරයට ගෙන තිබේ.


ඒ සමග සැකකරුවන් 10 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මාතර, ගන්දර නූන්නවැල්ල ප්‍රදේශයට බෝට්ටුවක් මගින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණේ පසුගිය 18 වනදාය.


ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසියට එම මත්ද්‍රව්‍ය තොගය ගන්දර සිට ගාල්ල, මාපලගම ප්‍රදේශයේ නිවසක් වෙත වෑන් රථයකින් රැගෙනවිත් ඇති බවට කරණු අනාවරණය කරගැනීමට හැකිව ඇත.


අනතුරුව විමර්ශන සිදුකළ පොලීසිය මාතර, ගල්කිස්ස සහ රත්මලාන යන ප්‍රදේශවලදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මාපලගම නිවසක තිබියදී සොයගැනීමට හැකිවිය.


එහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් හා හෙරොයින් කිලෝග්‍රෑම් 70කට අධික ප්‍රමාණයක් තිබී ඇත.


එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 500කට අධික බව පොලීසිය පවසයි.


මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයේ සිට මෙරටට එවා ඇති අතර කවුරුන් විසින් ඒවා මෙරටට එව්වේද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැත.


මේ අතර අදාළ මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද අද (21) උදෑසන මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණියේය.


එහිදී අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා පවසා සිටියේ, මෑත ඉතිහාසයේ ගොඩබිමදී සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි.


තවදුරටත් අදහස් දැක් වූ වැඩබලන පොලිස්පතිවරයා,


"මෑත ඉතිහාසයේ ගොඩබිමදී සොයාගත් වැඩිම අත්අඩංගුවට ගැනීම සැකකරුවොත් සමග. තව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි. මේ කටයුතු විශේෂයෙන්ම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළේ. මේක මෑත කාලයේ ඒ වගේ අංශයකින් කරපු පළමු මෙහෙයුම කිව්වොත් නිවැරදියි".



iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads