Iklan

රටම බලාසිටින නිධානය සොයා අදත් කැණීම්

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T03:48:44Z
masukkan script iklan disini


 

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබේ.


ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ වූ අතර, අද තෙවන දිනටත් එම කටයුතු සිදු කිරීමට නියමිත බව වේයන්ගොඩ පොලීසිය පැවසීය.


එම ස්ථානයේ නිධානයක් සොයා පසුගිය කාලයේ සිට විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව කැණීම් කටයුතු සිදු කර තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව සඳහන්ය.


මෙම තත්ත්වය තුළ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝග පරිදි  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදී පොළොව අභ්‍යන්තරයේ යම් දෙයක් ඇති බවට නිරීක්ෂණය විය.


ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, වේයන්ගොඩ පොලීසියට නියෝග කර තිබුණේ මහජනතාව ඉදිරියේ එම ස්ථානයේ කැණීම් සිදු කරන ලෙසය. 


එම කැණීම් සඳහා දින දෙකක කාලයක් ලබා දී තිබූ අතර, ඒ අනුව ඊයේ සහ පෙරේදා දිනවල එහි කැණීම් සිදු කළේය.


කෙසේවෙතත් ඊයේ පස්වරුව වන විටත් එය අවසන් කිරීමට නොහැකි වූ අතර, දැවැන්ත ගලක් හමුවීමත් සමග ඊයේ දිනයේ කැණීම් තාවකාලිකව නවතා දැමුණි.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads