Iklan

උදෑසනම සිදුවූ බිහිසුණු රිය අනතුර

Monday, November 25, 2024
Last Updated 2024-11-25T07:39:52Z
masukkan script iklan disini


අද (25)දින උදෑසන හැටන් වටවල ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදුවී ඇත.


හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ


එම අනතුරින් සිව්දෙනෙකුට තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.


 Update : 25/11/2024 | 13:05 P.M.


අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩී ගොස් එම රථයේ ගමන් ගත් මගීන් සිව්දෙනෙකු තුවාල ලබා අද (25) වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.


අද උදෑසන 6.40ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස ගැටී ඇත්තේ, ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වූ හැටන් ලංගම ඩිපෝවේ බස් රථය සහ හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.


මෙහිදී හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථය දැක බස් රථයේ තිරිංග ක්‍රියාත්මක කිරිමේදී පෞද්ගලික බස් රථයේ පසුපස කොටස ලිස්සා ගොස් ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පිටුපස කොටස දෙකට කැඩී ගොස් තිබෙනවා.


මෙම අනතුරෙන් තුවාල ලැබූ සිව්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත්, පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙසත්, වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads