ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී අද (27) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට මේ වසරේ වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
තරගය නතර කරන විට පළමු පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20.4 ක් ක්‍රීඩාකර කඩුලු 4 ක් දැවී ලකුණු 80 ක් රැස්කරගෙන ගොස් ඇත.
කඩුල්ලේ රැඳී සිටින නායක ටෙම්බා බවුමා ලකුණු 28ක් සහ කයිල් විරයින් ලකුණු 9ක් රැස්කරගෙන සිටී.
දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 14ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට හැකිවූහ.
ඉන් පළමු කඩුල්ල ලෙස ඒඩියන් මාක්‍රම් ලකුණු 9කට දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, අනෙක් කඩුල්ල වූ ටෝනි ද සෝර්සි ලකුණු 4කට දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් විය.
බිඳවැටුණු අනෙක් කඩුලු දෙකටම හිමිකම් පෑමට ලහිරු කුමාරට හැකිවිය.
ඔහු මුළු ලකුණු 46දී ලකුණු 16ක් රැස්කරගෙන සිටි ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ කඩුල්ලද, මුළු ලකුණු 54ක් වද්දී ලකුණු 4ක් රැස්කරගෙන සිටි ඩේවිඩ් බෙඩිංහැම්ගේ කඩුල්ලද දවාගත්තේය.

