Iklan

මරණ 07ක් සමඟ උණ රෝගීන් 70 ක් කොළඹින් විශේෂ කණ්ඩායමක් උතුරට

Friday, December 13, 2024
Last Updated 2024-12-13T10:19:13Z
masukkan script iklan disini
යාපනය දිස්ත්‍රික්කයේ පැතිරෙමින් යන උණ රෝගය පිළිබඳව සොයා බැලීම සඳහා අදත් වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් විසින් යාපනය සහ පේදුරුතුඩුව ප්‍රදේශයන්වල නිරීක්ෂණයකට පිටත්ව ගොස් තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ කියා සිටියේ, මෙහිදී පේදුරුතුඩුව, යාපනය, කරවෙඩ්ඩි සහ චාවකච්චේරි යන ප්‍රදේශවල රෝගී තත්ත්වය පැතිර යාම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවයි. මේ අතර මේ වන විට උණ වෛරසයට ගොදුරු වූ රෝගීන් 70 දෙනෙකු යාපනයේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. එමෙන්ම මේ අන් චිට උණ රෝගී තත්වය හේතුවෙන් උතුරු පළාතේ 07 දෙනෙකු මියගොස් තිබෙනවා. අදාළ මියගිය පුද්ගලයින්ගේ සාම්පල කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කෙරුණු අතර එහිදී සිදුකළ පරීක්ෂණවලදී මේ අනාවරණය වුණේ, සාම්පල කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවටයි. එලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 20-62 අතර වයස්වල පසුවූ පේදුරුතුඩුව,කරවෙඩ්ඩි, චාවකච්චේරිය සහ මුලතිව් යන ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසක්.
iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads