Iklan

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ අක්කා නගෝ දෙදෙනා මරුට

Friday, December 13, 2024
Last Updated 2024-12-13T02:45:31Z
masukkan script iklan disini
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව පිවිසුම් අතර කිලෝමීටර් 100 කණුව ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ දැරියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. (11)දින රාත්‍රීයේදී සිදුව ඇති මෙම අනතුරින් මව සහ පියා බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරට මුහුණ පෑ මෝටර් රථය කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය කර ඇති අතර එහි රියදුරුට නින්දයෑම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ, එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක පිටුපස අදාළ රථය ගැටී මෙම අනතුර තිබෙනවා. අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් මව, පියා සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කෙසේ වෙතත් දැරියන් දෙදෙනා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, මාතර නූපේ ප්‍රදේශයේ පදිංචි 10 සහ 13 යන වයස්වල පසුවන එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක්. මෘතශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ඉමදුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads