masukkan script iklan disini
අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ කථානායක ධුරයේ කටයුතු කළ අශෝක රංවල මහතා ඉල්ලා අස්වීමත් සමඟ එම ධුරය පුරප්පාඩුව පවතිනවා.
ඒ අනුව නව කථානායකවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇති බව ආරංචි මාර්ග පවසනවා.
මේ සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී තිබෙන බවටයි වාර්තා වන්නේ.
කථානායක ධුරය සඳහා නිහාල් ගලප්පත්ති මහතාගේ නම මීට පෙරද යෝජනා වී තිබුණා.
කෙසේවෙතත් එළැඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත් කර ගන්නා බවට වාර්තා වනවා.

