Iklan

අද කාලගුණ අනාවැකිය

Tuesday, December 3, 2024
Last Updated 2024-12-03T08:26:43Z
masukkan script iklan disini

උතුරු පළාතේ අද (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 


 නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි. උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකියි. 


 පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. 


 දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක පමණ වන අතර, පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 60ක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්. 


 පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යාහැකියි.


 පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වනවා.


 පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. 


 ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads