Iklan

වෙළෙඳ ඇමතිට නිව් රත්න සහල් අධිපතිගෙන් පිළිතුරු

Saturday, December 7, 2024
Last Updated 2024-12-07T08:39:24Z
masukkan script iklan disini

තමන්ගේ සහල් නිෂ්පාදනය සියැසින් දැක ගැනීමට පැමිණෙන්නැයි නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා වෙළෙඳ ඇමතිවරයාට පවසයි.


මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් වී තොග සඟවාගෙන සිටින බවට ඊයේ (06) වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයය ප්‍රතිචාර දක්වමින් ලංකේෂ්වර මිත්‍රපාල මහතා මේ බව පැවසීය.


නිව් රත්න සහල් ව්‍යාපාරයේ  අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා,


"මම වෙළෙඳ ඇමතිතුමාට කියන්නේ.. ඕන වෙලාවක මගේ ආයතනය පරීක්ෂා කරන්න. මම පටවන හාල් ගණන මම ඔප්පු කරලා පෙන්වනවා. මගේ නිෂ්පාදනය මම ඔප්පු කරලා පෙන්වනවා. මං ගාව තිබෙන වී ප්‍රමාණයත් ඔබතුමාට බලාගන්න පුළුවන්." 


"අපිගාව වී තිබුණා කියලා අද සියල්ල කොටලා වෙළෙඳපොළට දාන්නේ නැහැ. මං ගාව සේවකයෝ 1000ක් වැඩ කරනවා හාල් මෝලේ."  


"එතකොට ඊළඟ කන්නයේ අස්වැන්න ලැබෙනකම් මම මේ වී ටික පරිස්සම් කරගෙන දිනපතා සහල් නිෂ්පාදනය කර කර වෙළෙඳපොළට යවනවා. පෙබරවාරි 01 වෙනකම් මගේ තියෙන වී ටික පරිස්සම් කරගෙන වෙළෙඳපොළට හාල් යවන්න ඕනේ." 

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads