Iklan

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් තේරීම මතගැටුමක

Sunday, December 1, 2024
Last Updated 2024-12-01T13:13:14Z
masukkan script iklan disini

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂය තුළ මත ගැටුම් නිර්මාණය වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. 

 පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 05 ක් හිමි වූ අතර එම එක් මන්ත්‍රී ධූරයක් සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කරනු ලැබුවා. 

 කේසේවෙතත් ඉතිරිව ඇති මන්ත්‍රී ධූර 04 සඳහා ගිවිසුම් ඇති කර ගත් දේශපාලන පක්ෂවලින් සහ පක්ෂයේ සාමාජිකයන්ගෙන් ද වැඩි ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් ලැබීම හේතුවෙන් එම මන්ත්‍රී ධූර 04 නම් කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක පවතින බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. 

 සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තමන්ට ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවිය යුතු බවයි. 

 සමගි ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

 සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ ඉදිරි දින කිහිපය තුළදී එම අර්බුදය විසඳීමට කටයුතු කරන බවයි. 

 මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික ලැයිස්තු අර්බුදය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads