Iklan

හෙට ප්‍රදේශ කිහිපයකට මි.මී.200ට වැඩි වැසි

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T15:10:39Z
masukkan script iklan disini

 


දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.


එහි සඳහන් වන්නේ නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවය. 


මෙම පද්ධතිය අද (26) දින පෙරවරු 11.00 ට පමණ මඩකලපුවේ සිට කිලෝමීටර් 170 ක් සහ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් පමණ දුරින් ගිනිකොන දෙසින් පිහිටා ඇති අතර එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර හෙට (27) දිනයේ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව සඳහන් වේ.


මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක.


දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.


උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම ,ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී.200 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.


දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.


මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඉල්ලා සිටියේ දිවයින වටා සියලුම ධීවර වරායවලින් රැකියා සඳහා පිටත්ව යන ධීවරයන්ට නැවත දැනුම් දෙනතුරු සිය රැකියා කටයුතු සඳහා මුහුදට යාම තාවකාලිකව නවත්වන ලෙසටය.


"දිවයින වටා සම්පූර්ණයෙන්ම මෙම අනතුරුතු ඇඟවීම අදාළ වෙන නිසා අද දින සිට ක්‍රියාත්මක වෙන පරිදි නැවත දැනුම්දෙන තුරු යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මඩකළපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, අම්පාර, ගාල්ල, මාතර, කොළඹ, කළුතර, මීගමුව, පුත්තලම සහ මන්නාරම දක්වා දිවයින වටා සියලුම ධීවර වරායවලින් සහ  කුඩා යාත්‍රා දියත්කරන තොටුපොළවල් සහ නැංගුරම් පොළවල් වලින් දියත් කරන බහුදින ධීවර යාත්‍රා එක්දින ධීවර යාත්‍රා සාම්ප්‍රදායික කුඩා යාත්‍රා අතුළු සියලුම යාත්‍රා රැකියා සඳහා පිටත්ව යාම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටවනු ලබනවා. නොගැඹුරු මුහුදේ රැකියාව කරන සියලුම ධීවර යාත්‍රා සඳහා ආරක්ෂිත කලාප වලට ගමන් කර ගොඩ බිමට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා." 

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads