Iklan

මහ මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්තා භාරනොදුන්නොත් නඩු

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T15:14:48Z
masukkan script iklan disini

 


මහ මැතිවරණයේදී තරග කළ අපේක්ෂකයින් නියමිත දිනට සිය ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට කටයුතු කළයුතු බවත් එසේ නොකරන අපේක්ෂකයින්ට නඩු පැවරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ,


"2024 නොවැම්බර් 14 වනදා මහමැතිවරණය පැවැත්වුණා. ප්‍රතිඵල ලබාදුන්නා 15 වනදා. ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත තරග කරන ලද සියලුම පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින් අදාළ අදායම් සහ වියදම් වාර්තා භාරදිය යුතුයි." 


"ඒ වගේම එම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලෙස ඔවුන්ගේ ආදායම් වියදම් වාර්තා භාරදිය යුතුයි. දෙසැම්බර් 6වන දින හෝ එදිනට පෙර තමන් තරග කරන ලද මැතිවරණ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාසයේ තේරීම් භාර නිලධාරියාට මේ වාර්තා භාරදිය යුතුයි."


"දෙසැම්බර් 6 හෝ ඊට පෙර ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට නොහැකි අපේක්ෂකයින් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරලා ඒ හරහා නඩු පැවරීමට තමයි නියමිතව තිබෙන්නේ." 



iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads