2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ සියළුම පූර්ව සූදානම් කටයුතු අවසන් කර ඇති මෙම අවස්ථාවේ දී එම විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මෙම විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින අතර එම ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවද සඳහන්.
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය ලබන 25වන දින සිට දෙසැම්බර් 20වන දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු 01වනදා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබූ අතර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේවන විට අවසන් කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.

