Iklan

මන්නාරම රෝහලේ තෙවැනි වරටත් දරු ප්‍රසූතියක දී මව සහ දරුවා මිය යයි

Thursday, November 21, 2024
Last Updated 2024-11-20T19:00:40Z
masukkan script iklan disini

 


දරු ප්‍රසූතිය සදහා මන්නාරම රෝහලට ඇතුළත් කළ මවක් හා ප්‍රසූත කළ දරුවා මියයාමත් සමගම මවගේ ඥාතීන් ඊයේ (19 ) රාත්‍රියේ රෝහල තුළ දැඩි විරෝධතාවයක් ආරම්භ කර තිබේ. මේ නිසා රෝහලේ පාලන කටයුතු බිද වැටී ඇතැයි වාර්තා වේ.


ඥාතීන් පවසන්නේ දරු ප්‍රසූතිය පිණිස ඇතුළත් කළ මව හා උපන් දරුවා මියගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් බවය.


මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ තරුණ කාන්තාවක් සිය පලමු දරුවා බිහි කිරීම පිණිස රෝහල් ගත වී ඇති අතර ඇය නියමිත පරිදි මන්නාරම රෝහලේම වෛද්‍ය සායන සියල්ලටම සහභාගී වී තිබේ.


මවට දරුවා බිහි කිරීමට අපහසුතාවක් හා ඇයට හුස්ම ගැනීමට අපහසුතාවයක් හට ගත් අවස්ථාවේදී සිසේරියන් සැත්කමකින් දරුවා ලබා ගත යුතු බවට ඥාතීන් කළ ඉල්ලීමට අවනත නොවූ රෝහලේ වෛද්‍යවරු හෙදියන් හා සෙසු කාර්ය මණ්ඩලය දරුවා බලහත්කාරයෙන් ප්‍රසූත කරවා ගැනීමට යාම නිසා මේ අවාසනාවන්ත සිද්ධිය සිදු වූ බව කියා සිටියහ.


දරුවා හා මව මියගිය බව ඥාතීන්ට ප්‍රකාශ නොකොට පැය කීපයක් තිස්සේ රෝහල් කාර්ය මණ්ඩලය විවිධ ක්‍රියාකාරකම් වල නිරත වූ බවද ඥාතීහු කියා සිටියහ.


කෙසේ වෙතත් මන්නාරම රෝහලේ දරු ප්‍රසූති වලදී දරුවන් මියයාමේ සිද්ධීන් තුනක්ම මේ වසරේ ගත වූ කෙටි කාලයේදී වර්තා වූ අතර එම සිද්ධීන් ගැන පරීක්ෂණ පවත්වා රෝහල් කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads