Iklan

මීගමුව කළපුවට බිලි වූ පියා සහ දියණිය සොයා මෙහෙයුම්

Sunday, November 24, 2024
Last Updated 2024-11-24T16:14:49Z
masukkan script iklan disini

 


සංචාරකයන් පිරිසක් රැගෙන මීගමුව කළපුවේ යාත්‍රාකරමින් තිබූ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී 50 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ 20 හැවිරිදි දියණියක අතුරුදන්ව තිබේ.


යාත්‍රාවේ සත් දෙනෙකු ගමන් කර ඇති අතර සෙසු පස්දෙනාගේ ජීවිත බේරාගෙන ඇත්තේ කළපුවේ තිබූ වෙනත් යාත්‍රා මගිනි.


මීගමුව මුන්නක්කරේ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු අද දහවල් 12.45ට පමණ මීගමුව කලපුවේ සංචාරයකට ගොස් ඇත.


ඒ කලකට පසු දිවයිනට පැමිණි සිය පවුලේම ඥාති පූජකවරයෙක් ද සමඟනි.


පිරිස සංචාරය සඳහා භාවිත කර ඇත්තේ ඉස්සන් ඇල්ලීමට යොදා ගන්නා කුඩා බෝට්ටුවකි.


උපරිම ලෙස පුද්ගලයින් තිදෙනෙකුට පමණක් ගමන් කළ හැකි එහි මෙම පවුලේ සාමාජිකයන් 6 දෙනාම යාත්‍රාකර ඇති අතර බෝට්ටුවේ ක්‍රියාකරු ද සමග එහි සිය ඇති මුළු පිරිස සත්දෙනෙකි.


මීගමුව ප්‍රදේශයේ අද (24) දහවල් පැවති අයහපත් කාලගුණය සහ කළපුවේ සැඩ රළ පහර සමග මෙම බෝට්ටුව කළපුව මැද නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක ගැටී පෙරළී ඇති බව වාර්තා වේ.


කළපුවේ ගමන් කරමින් සිටි වෙනත් ධීවර යාත්‍රා සහ ජීවිතාරක්ෂක නිලධාරීන්, අනතුරට පත් පිරිස බේරා ගැනීමට යුහුසුළු වූ අතර බෝට්ටුවේ සිටි 5 දෙනෙකු  මුදාගැනීමට හැකිව තිබේ.


නමුත් බෝට්ටුවේ සිටි පියා සහ දියණියක අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව පවතී.


අතුරුදන් වී ඇත්තේ 50 හැවිරිදි රනිල් ප්‍රනාන්දු නම් අයෙක් සහ ඔහුගේ වයස අවුරුදු 20ක දියණියයි.


මුදාගත් පිරිස අතරින් දෙදෙනෙකු මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු තිදෙනාගේ තත්ත්වය ගැටලුවක් නොවන බව වාර්තා වේ. 


කුඩා බෝට්ටුවේ ගමන් කළ පිරිස ජීවිතාරක්ෂක කබා හෝ පැලඳ සිට නොමැති බවද සඳහන් වේ.


සිද්ධිය පිළිබඳ මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads