Iklan

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T04:11:36Z
masukkan script iklan disini

හැකි ඉක්මණින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්න - උ/පෙළ සිසුන්ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක්..  


හැකි ඉක්මණින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි, උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ. 


 බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එල්. එම් උදයකුමාර මහතා පැවසුවේ, අධික වැසි සමග බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක රථ වාහන ධාවනයට බාධා එල්ල වූ බවයි.  


අදාළ ආයතන මැදිහත්ව ඊයේ (25) රාත්‍රීයේ සිට එම බාධා ඉවත් කිරීමට පියවර ගත් බව ඔහු පැවසුවේ ය. 
 පස් කන්ඩි කඩා වැටීමෙන් එලෙස අවහිර වී තිබුණේ, බිබිල ලුණුගල මාර්ගය , - පස්සර මාර්ගය, බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය සහ බණ්ඩාරවෙල - හපුතලේ මාර්ගයයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads