Iklan

අධ්‍යාපනය වත්මන් රජයේ ප්‍රමුඛ විෂයක් - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Sunday, November 24, 2024
Last Updated 2024-11-25T07:15:29Z
masukkan script iklan disini

 


වෘත්තීය අධ්‍යාපනය, ආර්ථිකයට සෘජුවම දායක වන විෂයක් බැවින් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධූරයට පත්කෙරුණු නලින් හේවගේ මහතා නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසේදී සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"අධ්‍යාපනය වත්මන් රජයේ ප්‍රමුඛ විෂයයක්. අධ්‍යාපන, උසස් අධයාපන, වෘත්තීය අධ්‍යාපන මේ විෂයයන් තුන එකට යා යුතු කොටස් තුනක්.   විශේෂයෙන් වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව අපේ රජය විශේෂ අවධානයක් යොමු කරනවා". 

"අපේ රටේ සම්ප්‍රදායිකව වෘත්තීය අධ්‍යාපනය දෙස බලන්නේ අනිත් දේවල් කරන්න බැරි, ඉතුරු වෙන ළමයින්ට යන්න තියන තැනක් ලෙසයි. ඒ ආකල්පය අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි. වෘත්තීය අධ්‍යාපනය විශේෂයෙන් ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක්. පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි". 

"ජනතාව අපේ ප්‍රතිපත්ති කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න නම් ආයතනික ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අවශ්‍යයි".

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads