Iklan

උද්ධමනය තවත් අඩුවෙයි

Friday, November 29, 2024
Last Updated 2024-11-29T13:20:04Z
masukkan script iklan disini

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබේ.


ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.8%ක් ලෙස වාර්තා වී තිබුණි.


2024  නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.6% දක්වා අඩු වී ඇති අතර ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 1.0%ක් ලෙසය.


එමෙන්ම,  2024 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -3.3%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ඔක්තෝම්බර් මාසයේ දී -1.6% ක් ලෙස වාර්තා විය.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads