Iklan

ෆෙන්ගල් සුළි කුණාටුවේ නවතම තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක් .ක්‍රමයෙන් අඩුවෙන ලකුණු

Saturday, November 30, 2024
Last Updated 2024-11-30T05:41:22Z
masukkan script iklan disini

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව 2024 නොවැම්බර් 29 වැනි දින ප. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280 පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. 


 එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30) සවස් කාලයේදී උතුරු තමිල්නාඩු - පුදුචෙරි වෙරළ වෙත ළඟා වනු ඇති බවත් දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත් එම නිවේදනයේ සඳහන්.


 එමෙන්ම අද දිනයේදී උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස වළාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බවයි වාර්තා වන්නේ. 


ඒ අනුව උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. සබරගමුව පළාතේත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් සඳහන්.


 සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු, උතුරු මැද,වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ද පවතියි. 


 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads