Iklan

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලා හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් සජිත්ට ලිපියක්

Tuesday, November 26, 2024
Last Updated 2024-11-25T18:42:59Z
masukkan script iklan disini


තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විපක්ෂ නායක සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 


විපක්ෂ නායකවරයා වෙත ඔහු පෙන්වා දෙන්නේ තමන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 45, 151 ක් ලබා ගනිමින් සිව්වන ස්ථානයට පත් වූ බවයි. 


ඒ අනුව තමා ලබා සිටින මනාප සංඛ්‍යාව සහ දැනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදීමට යෝජනා වී ඇති අනෙක් අය ලබා ඇති මනාප සංඛ්‍යාව පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස ද තුෂාර ඉඳුනිල් මහතා ඉල්ලීමක් කර තිබෙනවා.


මේ අතර තමන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම සඳහා ලබාදෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවට ලිඛිත පොරොන්දුවක් මෙන්ම ඕනෑම කොන්දේසියකට එකඟවන බවද ඔහු වැඩිදුරටත් පවසනවා.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads