Iklan

T20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ලකුණු 7කට දැවී යයි

Monday, November 25, 2024
Last Updated 2024-11-25T15:04:11Z
masukkan script iklan disini



 අයිවරි කෝස්ට් සහ නයිජීරියාව අතර ලේගොස් නුවරදී ඊයේ (24) පැවති 20යි 20 තරගයේදී අයිවරි කෝස්ට් කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 7කට දැවී ගියේය.

එය දෙරටක් අතර පැවති පිරිමි T20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන ලෙස වාර්තා පොතට එක්විය.


අයි සී සී T20 ලෝක කුසලාන අප්‍රිකානු උප කලාපීය සුදුසුකම් ලැබීමේ C කාණ්ඩයේ තරගයක් ලෙස දෙරට අතර තරගය පැවැත්වුණි.


මෙම තරගයෙන් නයිජීරියාව ලකුණු 264ක ජයක් වාර්තා කළේය.


මෙම තරගයේදී අයිවරි කෝස්ට් කණ්ඩායමේ ඕඅටාරා මොහොමඩ් ලකුණු 4ක් රැස්කළ අතර පිතිකරුවන් පිළිවෙලින් රැස්කළේ 4, 0, 1, 0, 0, 1, 0, 1, 0, 0* සහ 0කි.


මෙය T20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ලකුණු 10ට අඩුවෙන් රැස්කළ පළමු අවස්ථාව වෙයි.


මීට පෙර 20යි 20 ජාත්‍යන්තර තරගයකදී අඩුම ලකුණු සංඛ්‍යාව වූ 10කට කණ්ඩායම් දෙකක් දැවී ගොස් තිබුණි.


ඒ මොන්ගෝලියාව, සිංගප්පුරුවට එරෙහිව (2024.09.05) සහ Isle of Man, එරෙහිව ස්පාඤ්ඤය (2023.02.26) යන කණ්ඩායම් ය.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads