Iklan

අස්වැසුම ප්‍රතිලාභීන්ට හා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබ ආරංචියක්

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T08:30:35Z
masukkan script iklan disini

 


අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම්පත් ලබා දීමට අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ.


අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් තැනැත්තන් සඳහා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමටද අවස්ථාව ලබා දෙන බවයි, එම මණ්ඩලය නිවේදනය කළේ.


අස්වැසුම දෙවන අදියරේ නිවසට පැමිණ තොරතුරු එකතු කිරීමේ සංගණනය ලබන මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ.


ඒ අනුව ඊට පෙර අස්වැසුම සඳහා මෙතෙක් අයැදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් අනිද්දා සිට ලබන මස 02 වැනිදා දක්වා කාලය තුළ නියමිත අයැදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතුයි.


අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.


මීට අමතරව පළමු අදියරට අයැදුම් කළ තැනැත්තන්ට ගැටලු හෝ දුක්ගැනවිලි ඇත්නම් එයද ඊට අදාළ අයැදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබාගෙන සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යලයට භාර දිය යුතුයි.


අනිද්දා සිට ලබන මස 15 වනදා දක්වා මේ සඳහා අවස්ථාව හිමිවන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේ ය.


අස්වැසුම දෙවන අදියර සඳහා ලැබී ඇති අයැදුම්පත්‍ර සංඛ්‍යාව 455,000ක් වන අතර පළමු අදියර යටතේ පුද්ගලයින් දාහත් ලක්ෂකට සුබ සාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සිදු කරනු ලබයි.



iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads