Iklan

ලබන වසර මුල තවත් ඡන්දයක්! ඇමති විජිත දැනුම්දෙයි!

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T08:32:50Z
masukkan script iklan disini

 


ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.


එහිදී අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට අනුව හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.


එමෙන්ම මීට වසර දෙකකට පෙර ලබා දුන් පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා වල සිටින අපේක්ෂකයින් ඇතැමුන් මිය ගොස් ඇති අතර, සමහර පිරිස් රට හැර දමා ගොස් ඇති බැවින් ඉදිරියේදී අනෙකුත් පක්ෂ සමඟ ද සාකච්ඡා කොට අලුතින් නාමයෝජනා කැඳවීමට කටයුතු කරනවාද නැද්ද යන්න තීරණය කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.


ඉදිරි වසරේ මුල් කාලයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කළද මැතිවරණය පවත්වන දින වකවානු සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads