Iklan

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉවත් කරන්න පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

Wednesday, November 20, 2024
Last Updated 2024-11-20T09:09:54Z
masukkan script iklan disini

 


අභිනව පාර්ලිමේන්තුව රැස්වූ පසු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉවත්  කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනඑන බව සමගි ජන බලවේගයේ තේරී පත්වූ මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා.


ඔහු පෙන්වා දෙන්නේ මෙම නව සංස්කෘතිය ගෙනඑන්නේ නව ජනාධිපති ඇතුළු ජාතික ජන බලවේගයට ශක්තියක් වීමේ අරමුණින් බවයි.


ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මන්ත්‍රීවරයා,


එහිදී හේෂා විතාන වැඩිදුරටත් දැක්වූ අදහස් :


“අපිත් සමහර වරප්‍රසාදවලට කැමතිම නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන උදේ සහ දිවා ආහාරය සම්පූර්ණයෙන් නතර කරන්න. අවශ්‍ය නම් අපි ගෙදරින් අරගෙන එන්නම්.අඩු පොලියට දෙන මිලියන 10ක ණය මුදල සම්පූර්ණයෙන් නවත්වන්න.


සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ කැබිනට්, අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව නතර කරන්න.කොළඹ නිල නිවාස අමාත්‍යවරුන්ට දෙනවා නම් කුලී පදනම මත ලබාදෙන්න. ඒ සල්ලි මහපොළ අරමුදලට ලබාදෙන්න.කාර්යාලයක් සඳහා ලබාදුන් රුපියල් ලක්ෂයක මුදල අවශ්‍ය නැහැ.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,285යි. එකත් එපා නම් මේක ගරු සේවයක් කරන්න. වාහන දීමනා ඇතුළු සියල්ල නතර කරන්න.මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස විශ්වවිද්‍යාල දරුවන්ට නේවාසිකාගාර පහසුකම් ලෙස ලබාදෙන්න.රුපියල් ලක්ෂ 10ක් ලබාදෙන රක්ෂණ ආවරණය නතර කරන්න.


විශ්‍රාම වැටුප අහෝසි කරලා දාන්න. මන්ත්‍රීවරුන්ගේ ප්‍රභූත්වය නැති කරන්න. 21 වෙනදාට පෙරම මේක පටන් ගන්න. මොකද 21 නිවාස දෙන්න ෆෝම් එක දුන්නට පස්සේ මේක කරන්න බැරි වෙයි. ඒ නිසා දැම්ම පටන් ගන්න.” 



iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads