Iklan

ණය ගෙවීමේ හැකියාව ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Wednesday, November 27, 2024
Last Updated 2024-11-27T16:50:49Z
masukkan script iklan disini

 


ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.


මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.


මෙහිදී තවදුරත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා


"දළ දේශීය නිෂ්පාදිනයේ ප්‍රතිශතය අනුව සෑම වසරකම විදේශ ණය වශයෙන් උපරිම ගෙවන්න තියෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5යි. එතකොට 2027 වෙනකම් පොලිය විතරයි ගෙවන් තියෙන්නේ. 


සමහර ණය ගෙවීම දික්කරලා තියෙනවා 2040 වෙනකම්, සමහර ඒවා 2038 වෙනකම්, සමහර ඒවා 2032 වෙනකම්. එහෙම දීර්ඝ කාලීනව ණය ගෙවන ක්‍රමයක් තුළ 2028දී එකපාරටම මේ ටික ගෙවන්න වෙන්නේ නෑ. ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්. 


අපට ණය දීපු අය දකිනවානම් අපට මේ ණය නැවත 2028දී ගෙවාගන්න බෑ කියලා, ඒ ගොල්ලෝ එකඟ වෙන්නේ නෑනේ මේ අවුරුදු ගාණන ණය ප්‍රතිව්‍යුහගතකරන්න".



iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads