Iklan

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

Friday, November 22, 2024
Last Updated 2024-11-22T15:02:04Z
masukkan script iklan disini

 


ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබේ. 


ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ජපාන මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ද අපේක්ෂා කරන බවය.


නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර රටක් බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව ජපාන රජයේ ප්‍රශංසාව පළ කළ තානාපතිවරයා ශ්‍රී ලංකා නව රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බවද සඳහන් කර තිබේ.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads