Iklan

භික්ෂූන්ගේ අගෝචර චර්යා රටාවන් සම්බන්ධව අස්ගිරි පාර්ශ්වය රජයෙන් කළ ඉල්ලීම

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T16:10:46Z
masukkan script iklan disini

 


භික්ෂූන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වා ගැනීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාට බලය ලැබෙන පරිදි සියලු නිකායන්වල වගන්ති සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස අස්ගිරි පාර්ශ්වය රජයෙන් ඉල්ලා තිබේ.

මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීම සඳහා නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන් පැමිණි අවස්ථාවේදී එම පාර්ශ්වයේ පූජ්‍ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමි මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය.

"විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්තියට සංශෝධන වගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතිං අපි අවසාන වශයෙන් අපේ මහානායක හාමුදුරුවරු අත්සන් කරලා ඉදිරිපත් කළා. අපි බලාපොරොත්තු වෙන්නේ කථිකාවතක් අවශ්‍ය වෙන්නේ නෑ මේ තුළින් මේ කාරණය කරගන්න. භික්ෂුන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වාගන්න අපේ මහානායක හාමුදුරුවන්ට බලය ලැබෙන විදියට සියලු නිකායවල ඒ විදිහේ වගන්ති සංශෝධනයක් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒක ඉක්මන් කරගත්තොත් හොඳයි."

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads