Iklan

රුපියල් කෝටි හතේ කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් යාපනයේ සැඟවෙයි

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T16:07:44Z
masukkan script iklan disini


 මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ සැඟව සිටින බව පොලීසිය පවසයි.


ඒ අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.


ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි 7කට අධික මුදලක් රැගෙන පළාගොස් තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වනදාය.


එම මුදලින් රුපියල් කෝටි 3කට අධික මුදලක් පසුව පොලීසිය සොයාගත් අතර සැකකරුවකු ද එහිදී අත්අඩංගුවට ගනු ලැබීය.


ඒ අනුව සැකකරුවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගත් පොලීසිය ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක්  කර තිබුණි.


ඒ අතරතුරදී සැකකරුවන් යාපනය ප්‍රදේශයේ සැඟව සිටින බවට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබේ.


මේ සැකකරුවන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ සිටින අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ද මාධ්‍ය වෙත මුදා හැර තිබුණි.


ඒ අනුව සැකකරුවන් පළාගිය මෝටර් රථයක් ද පොලීසිය සොයාගත්තේය.


පොලීසිය සැකකරන්නේ සැකකරුවන් යාපනයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළායෑමට උත්සාහ දරා ඇති බවට සැකකරන බවය.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads