Iklan

ජනපති ප්‍රධානත්වයෙන් පැවැත් වූ පොපි මල් සැමරුම

Sunday, November 24, 2024
Last Updated 2024-11-25T07:14:56Z
masukkan script iklan disini

 



සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්විණි.


ඒ කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදීය.


පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘභුමියේ සුරක්ෂිතතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය, සන්නද්ධ සේවා සමග එක්ව වාර්ෂිකව මෙම උත්සවය සංවිධාන කරයි.


ජනාධිපතිවරයා උත්සවයට පිළිගනු ලැබුවේ, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් විශ්‍රාමික ලුතිතන් කර්නල් අජිත් සියඹලාපිටිය මහතා විසින්ය.


මෙහිදී ජනාධිපතිවරයා දිවිපිදූ රණවිරුවන් සිහිකොට පුෂ්පෝපහාර දැක්වීය.


ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් ද මීට එක්වූහ.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads