Iklan

කුරක්කන් සහ කූනිස්සන් කන්නේ බලාගෙනයි

Thursday, November 28, 2024
Last Updated 2024-11-28T04:52:45Z
masukkan script iklan disini

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් 2024 නොවැම්බර් 26 දින කොළඹ, කොටහේන ප්‍රදේශයේ ගබඩා පරික්ෂා කිරීමකදී, ඇසුරුමෙහි කල් ඉකුත්වන දිනය හා නිෂ්පාදිත දිනය වෙනස් කල කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටලීමක් සිදුකොට ඇත. 

 

එහිදී කුරක්කන් කිලෝග්‍රෑම් 30 බැගින් වූ ඇසුරුම් 740ක, නිෂ්පාදිත වර්ෂය 2024 ලෙස හා එය මාස 12ක් ඇතුළත භාවිතා කල යුතු බවට ඉන්දියානු නිෂ්පාදකයා විසින් සඳහන් කොට තිබුනද, ශ්‍රී ලාංකික ආනයනකරු විසින් ඇසුරුම් කල වර්ෂය හා මාසය, 2024 අගෝස්තු සහ කල් ඉකුත්වන වර්ෂය හ මාසය, මාස 24ක් ඉදිරියට යොදමින්, 2026 ජූලි ලෙස ස්ටිකරයක් මගින් වෙනස් කර වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණි. 


 තවද කූනිස්සන් කිලෝග්‍රෑම් 5 බැගින් වූ ඇසුරුම් 195ක නිෂ්පාදිත වර්ෂය හා මාසය 2024 ජූලි ලෙස හා කල් ඉකුත්වන වර්ෂය හා මාසය 2024 දෙසැම්බර් ලෙස සඳහන් කර තිබුනද ඒ මත, නිෂ්පාදිත වර්ෂය හා මාසය 2024 ඔක්තෝම්බර් සහ කල් ඉකුත්වීමේ දිනය 2025 සැප්තැම්බර් ලෙස ස්ටිකරයක් මගින් වෙනස්කර වෙළෙඳපලට නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණි.


 මෙම කරුණු අධිකරණයට වාර්තා කර අදාල ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිමය කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර ඉදිරි උත්සව සමය තුල මෙවැනි භාණ්ඩ වෙළඳපලට නිකුත් කිරීම වැලක්වීමට දිවයින පුරා විමර්ශන සහ වැටලීම් සිදුකරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත. 


 එළඹෙන උත්සව සමය තුල තොරතුරු වෙනස් කරන ලද ආහාර ඇතුළු භාණ්ඩ වෙළඳපලට නිකුත් කිරීම වැලැක්වීම සඳහා මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මක වන අතර එහිදී තොග ගබඩා සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරනු ලබයි.


 හේමන්ත සමරකෝන් සභාපති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads