masukkan script iklan disini
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් ස්ථාපිතව තිබුණා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දින සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බවයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව දැනුම්දී ඇත.

