Iklan

පොලිස් නිල වෙබ් අඩවියෙන් සේවා රැසක්

Thursday, November 28, 2024
Last Updated 2024-11-28T05:00:06Z
masukkan script iklan disini

 


ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදැක්විණි.


 ඒ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ය.


 ශ්‍රී ලංකා පොලිසියේ නව වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසීමෙන් එය පරිශීලනය කළ හැකි වන අතර, පොලිස් මාධ්‍ය ආයතනය විසින් සකසනු ලබන ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු විශේෂාංග රැසකට මහජනතාව යාවත්කාලීන කෙරේ.


 මෙම නව වෙබ් පිටුව පොලිස් තොරතුරු තාක්ෂණයේ නිර්මාණයකි.


 ඔහු විසින් පොලිස් නිශ්කාශන වාර්තා සඳහා ඉල්ලුම් කිරීම, මාර්ගගත ක්‍රමය හරහා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෙම නව වෙබ් අඩවිය හරහා අවස්ථාවක් ලබා දී ඇති අතර, නුදුරු දිනකදී ඔබගේ පහසුව සඳහා පොලිස් තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සකසන ලද තවත් තාක්ෂණික අංග රැසක් මෙම නව වෙබ් අඩවියට ඇතුළත් කර ඇත.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads