Iklan

හදිසි ආපදා වාර්තා කිරීමට පොලීසියෙන් මෙහෙයුම් මැදිරියක්

Wednesday, November 27, 2024
Last Updated 2024-11-26T18:37:06Z
masukkan script iklan disini

 


රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සඳහා අද (26) සිට පැය 24 පුරාම ආවරණය වන පරිදි පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.


ඒ අනුව පහත දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනය මගින් මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකිය.


ආපදා තත්ත්වයන්, අවතැන්වීම් සහ සහය ලබාගැනීම් ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


දුරකථන අංක

011-2027148

011-2472757

011 - 2430912

011-2013051


විද්‍යුත් තැපැල් ලිපිනය

disaster.ops@police.gov.lk


දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වෙත ගංවතුර, තද සුළං හා නායායාම් තත්ත්වයන් ඇතිවී ඇති අතර, ඇතැම් ප්‍රදේශ සඳහා ඉවත්වීමේ නිවේදනද නිකුත් කිරීමට කටයුතු කර ඇති බවද පොලීසිය පවසයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads