Iklan

ජාතික ලයිස්තුවෙන් මං එන බව රනිල් දන්නවා – රවී කරුණානායක

Thursday, November 21, 2024
Last Updated 2024-11-21T16:41:58Z
masukkan script iklan disini

 


මේ වන විට මහත් ආන්දෝලනයක් ඇති කර තිබුනද, තමන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා තමන් පත්වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හොදාකාරවම දන්නා බව රවී කරුණායක මහතා පවසයි. 


නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තමන්ගේ බවත්, තමන් එම පක්ෂය මැතිවරණය සදහා තරග වැදීමට ලබා දුන් අවස්ථාවේ දී ඇති කර ගත් ගිවිසුම තුළ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය පිළිබදව පැහැදිලිව සදහන්වන බවද ඔහු පවසයි. 


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දහයක් ලැබුනත්, දෙකක් ලැබුනත්, වෙනසක් නැතිව, ඉන් එකක් තමන්ට ලැබිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.


අද දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads