masukkan script iklan disini
එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් 26 වන ස්ථානය දක්වා ස්ථාන 09කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ, නිමාවට පත් වූ නවසීලන්ත තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 603ක්.
එක්දින ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයේ පාකිස්ථානයේ බාබර් අසාම් පසුවන අතර දෙවන, තෙවන සහ සිව් වන ස්ථානවල පිළිවෙළින් රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල් සහ විරාත් කෝලි රැදී සිටිනවා.
ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක අට වන ස්ථානයේ පසුවන අතර චරිත් අසලංක එහි 11 වන ස්ථානයේ පසුවන බව සඳහන්.

