Iklan

අගමැතිවරියගෙන් නවක මන්ත්‍රීවරුන්ට පණිවුඩයක්

Monday, November 25, 2024
Last Updated 2024-11-25T14:50:06Z
masukkan script iklan disini


පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළයුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.


දහවන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී  අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කළාය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.


"මේ පාර්ලිමේන්තුව ඓතිහාසික වෙන්න හේතු ගණනාවක් තිබෙනවා. වැඩිම කාන්තා නියෝජනය ලෙස මන්ත්‍රීවරියන් 22ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ඒ වගේම මන්ත්‍රී ආසන 225න් මන්ත්‍රී ආසනය එකසිය හැට දෙකක්ම  නවක මන්ත්‍රීවරුන්.  නවක මන්ත්‍රීවරුන් වැඩිවීමට හේතුව අපි අවබෝධ කරගත යුතුයි. පසුගිය කාලය තුළින්ම පාර්ලිමේන්තුව කියන ඒ උත්තරීතර සභාව ජනතාවගේ අප්‍රසාදයට සහා පිළිකුලට පත් වූ තැනක්. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප වුණා. 225ම එපා කියලයි ජනතාව ප්‍රකාශ කළේ. එවැනි සංවාදයක් තුළයි ජනතාව මෙවැනි පාර්ලිමේන්තුවක්  මහ මැතිවරණයෙන්ම නිර්මාණය කළේ. ඒ නිසා අපි මහජන නියෝජිතයන් කියන එක අමතක නොකළ යුතුයි. අපිට අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර හෝ මොන තනතුරු ලැබුණත් පළමුවත්, අවසන් වරටත් අපි  මහජන නියෝජිතයින් බව මතක තබා ගත යුතුයි. මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය නොකරන තැනක් බවට පවතින අප්‍රසාදය වෙනස් කරගත හැකි වන්නේ අපි සියලුදෙනාම ජනතාවගේ බලාපොරොත්තු සිහි තබාගෙන ආරක්ෂා කළොත් පමණයි."

"අපේ රටේ ජනතාව දේශපාලනිකව පරිණත පිරිසක් බව පසුගිය කාලයේ පැවැති දේශපාලනික පරිවර්තනවලින් පැහැදිලි වෙනවා. ජනතාව ලබාදුන් පණිවූඩය අපි කොයිතරම් දුරට අවබෝධ කරගත්තාද යන කාරණය මතයි මේ පාර්ලිමේන්තුව නිර්මාණය වෙලා තිබෙන්නේ. ජනතාවගේ පණිවුඩය පිළිනොගත්ත අය මෙවර මහමැතිවරණයේදී ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙම නම්  ජනතාව අපි කෙරෙහි තබා ඇති බලාපොරොත්තුව, ජනතාව අපේක්ෂා කරන දේශපාලන භාවිතාව රට තුළ නිර්මාණය කිරීමටත්, ජනතාව අපි කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමටත් 225ටම  විශාල වගකීමක් තිබෙනවා. ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් කැප වෙමු."

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads