Iklan

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Wednesday, November 20, 2024
Last Updated 2024-11-20T09:14:24Z
masukkan script iklan disini

 


මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මේ බව තහවුරු කළේය.


පසුගිය 11 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන හරීන් ප්‍රනාන්දු මහතාට බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි.


ඒ අනුව ඔහු අද උදෑසන පොලීසිය හමුවට පැමිණීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads