Iklan

විශ්වවිද්‍යාල වලට අයදුම් කළ සිසුන්ට දැනුම් දීමක්

Wednesday, November 20, 2024
Last Updated 2024-11-20T09:18:03Z
masukkan script iklan disini

 


පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට දුන් කාලය අවසන් වී තිබෙනවා.


ලියාපදිංචි වීමට දුන් කාලසීමාව තුළ සිසුන් 40000ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ.


ඒ අනුව වෛද්‍ය පීඨ සියල්ලට හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට ලියාපදිංචි ලේඛන යොමු කළ බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.


මෙවර විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන් සංඛ්‍යාව 43000කට අධිකයි.


ඒ අතුරින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචි නොවූ සිසුන් සඳහා වෙනත් සිසුන් කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා බව එම කොමිසම ප්‍රකාශ කළේ ය.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads