Iklan

වේගයෙන් පැදවූ බසය පෙරලී කතක් මරුට

Wednesday, November 27, 2024
Last Updated 2024-11-27T10:30:50Z
masukkan script iklan disini

කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මැදවච්චිය පූනෑව මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී පාරෙන් ඉවටට පැන පෙරළී යාම නිසා එක් කාන්තාවක් මියගොස් තවත් හතර දෙනෙකු 26 දා තුවාල ලබා තිබේ. 


 මහ වැසි මැද මෙම බස් රථය අධික වේගයෙන් ධවනය වීම නිසා එය පාරෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බව පූනෑව පොලීසිය පැවසීය. 


 තුවාල කරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර මියගිය කාන්තාවද රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ. 


 මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වවුනියාවේ පදිංචිකාරියක් වන 54 හැවිරිදි හෘද රෝගී කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.


මැදවච්චිය හා පූනෑව පොලීසි විසින් මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads