Iklan

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රජයෙන් නිවේදනයක්

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T15:55:31Z
masukkan script iklan disini

 


දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.


ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය අද නිකුත් කළේය.


ඊයේ වනවිට හිඟව ඇති බැඳුම්කර වල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වන අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කෙරේ.


එම ක්‍රියාවලිය සඳහා සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


දැනට නිකුත්කර ඇති බැඳුම්කර හිමි පාර්ශ්ව වෙත තම බැඳුම්කර නව බැඳුම්කර සමග හුවමාරු කර ගැනීම සඳහා සති 3ක කාලයක් ලබාදී තිබේ. 


එහි අවසන් දිනය ලෙස දෙසැම්බර් 12 වනදා දැක්වෙයි.


මෙම බැඳුම්කර හුවමාරු ක්‍රියාවලිය සඳහා හැකි ඉක්මණින් එක්වන ලෙස ශ්‍රී ලංකාව අදාළ බැඳුම්කර හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.


නව මෙවලම් වල සුවිශේෂී කරුණු සම්බන්ධයෙන් වසර දෙකක් පුරා බැඳුම්කර හිමියන් සමග යහපත් විශ්වාසයෙන් සාකච්ඡා කළ බව මුදල් අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයෙහි දැක්වෙයි.


එහි අරමුණ වූයේ සියලුම පාර්ශ්වයන්ට හොඳම ප්‍රතිඵල ලැබෙන පරිදි මෙම ක්‍රියාවලිය සිදුකිරීම බව සඳහන් ය.


බැඳුම්කර හිමි පාර්ශ්ව දෙකක් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයක් 2024 සැප්තැම්බර් 19 වනදා එළැඹ තිබුණි. ඉන් එක් පාර්ශ්වයක් ජාත්‍යන්තර බැඳුම්කර හිමි ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් සමන්විත වූ අතර අනෙක් පාර්ශ්වය දේශීය මූල්‍ය ආයතනවලින් සමන්විත වෙයි.


ඔවුන් එකතුව හිඟ බැඳුම්කරවලින් 50%කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියයි.


එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා නිල ණයහිමියන්ගේ කමිටුව එම නව ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අයි එම් එෆ් පැරාමිතීන්ට අනුකූල බව අනුමත කර ඇත.

     

බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීම මගින් ජාත්‍යන්තර ස්වෛරී ණය තිරසර බව ලබාගත හැකිවන බව සහ මෙරට ආර්ථිකය ප්‍රකෘතිමක් වීම කඩිනම් කරගත හැකි වෙතැයි ද සඳහන් ය.


මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික අංශයේ ණය හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ට සහභාගී වන ලෙසයි.


එමගින් අත්‍යවශ්‍ය සහනයක් ලබාදීමට අවස්ථාව ලැබෙන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට වඩාත් දීප්තිමත් අනාගතයක් ඇතිකිරීමට පසුබිම ඇතිවෙන බවයි. 


මේ අතර හිඟ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් 12%ක පමණ හිමිකාරීත්වය දරන දේශීය බැංකු සහ මූල්‍ය ආයතන වලින් සමන්විත එකමුතුව ද පවසන්නේ ඔවුන්ද ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එකඟ බවයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads