Iklan

පිල්ලෙයාන් අදත් CIDයට එයි

Friday, November 22, 2024
Last Updated 2024-11-22T14:54:14Z
masukkan script iklan disini

 


හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (22) දිනයේත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව එලෙස ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ඇත.


පෙරේදා (20) දිනයේත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි අතර එහිදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පවසා ඇත්තේ දමිළ භාෂාවෙත් සිය ප්‍රකාශය ලබාදීමට අවශ්‍ය බවය. ඊට අදාළ භාෂා පරිවර්තන කටයුතු සූදානම් කිරීමෙන් පසු අද දිනයේ ඔහුට පැමිණෙන ලෙස දැනුමී තිබේ.   


විනාඩි 50කට ආසන්න කාලයක් විකාශය කෙරුණු අදාළ වීඩියෝවේ සම්මුඛ සාකච්ඡා සඳහා එක්වෙමින් තොරතුරු ඉදිරිපත් කර තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ස්විට්සර්ලන්තයේ රැඳී සිටින අසාද් මවුලානා නැමැත්තෙකි. 


අනතුරුව අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සොයාබලන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී තිබු අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය.


ඒ අනුව එකී විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉකුත් 12 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.


කෙසේ වෙතත් එදින හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අතර ඔහු සිය නීතිඥයින් මාර්ගයෙන් ප්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ඉල්ලා තිබුණි.


ඒ අනුව පෙරේදා දින යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී තිබු අතර එදින පෙරවරු 9.30ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබුණි.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads