Iklan

E8 වීසා ගැන රජයේ ස්ථාවරය

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T08:44:55Z
masukkan script iklan disini

 


  E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන බවය.

"ඩොලර් උත්පාදනයේ ප්‍රධානම ක්ෂේත්‍රයක් තමයි විදෙස් ප්‍රේෂණ. එතැනදි දැනට කොරියාවේ සේවය කරන 28,000ක්- 30,000ක් අතර වන විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ලබා දෙන මුදල් අතිශය වැදගත්. ඒ සඳහා රජය මැදිහත්ව විදේශ සේවා කාර්යාංශය සමග එක්ව යම් නියමිත නීත්‍යානුකූල ක්‍රමවේදයක් මෙතෙක් දියත් කරමින් සිටියා. ඒක තමයි E9 වීසා ක්‍රමවේදය. නමුත් මේ E8 වීසා  ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාංශයවත් දන්නේ නැති, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිවිසුමකට ලක් නොවුණු අනීතික ක්‍රියාවලියක්. එතකොට අනීතික ක්‍රියාවලියක් නීත්‍යාණුකූල කරන්න රජයට බැහැ. 

E8 එක නීත්‍යාණුකූල කළොත් අපිට E9 එකත් නැති වෙන තත්ත්වයක් තියෙන්නේ. අපිට ලැබිලා තියෙන ආරංචි මාර්ග හැටියට කලින් උදවිය මේ තරුණයන් නොමග යවලා ඔවුන්ට ඒ රටට ගියාට පස්සේ පැනලා යන්න අවස්ථාවක් තියෙනවායි කියලා බොරු මතයක් හදලා තමයි මේ වීසා හදලා තියෙන්නේ. මේකට  අදාළ කරන ගිවිසුමක් විදේශ සේවා කාර්යාංශයේ නෑ. මේ අනීතික ක්‍රියාවලිය පිටිපස්සේ දේශපාලන සහ තැරැව්කරුවන් ඉන්නවා දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව පැමිණිලි කරලා තියෙනවා. මේ සම්බන්ධව තරුණයන්ව රවට්ටලා ජාවාරමක් කරලා තියෙන අයට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. මේ ඉතුරු වෙලා ඉන්න හැට ගාණට අපි සාධාරණයක් කරලා දෙන්නම්. හැබැයි මේ ක්‍රියාවලිය නීත්‍යාණුකූල කරන්න අපිට කිසිම හැකියාවක් නෑ එහෙම වුණොත් රටක් විදිහට අපි බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙනවා."

මේ අතර E-8 වීසා ගැටලුව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

එහිදි E-8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට යාමට නොහැකි බවට නිලධාරින් විසින් සාකච්ඡාවට එක්වු පුද්ගලයන්ට ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads