Iklan

ලබන වසරේ පළමු මාස හතරකට අතුරු සම්මත ගිණුමක්

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T07:48:21Z
masukkan script iklan disini

 


ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


ඒ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙන එන ලද යෝජනාවට අදාළවය. 


අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.


ඒ අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අතුරු සම්මත ගිණුම සකස් කිරීමට අනුමැතිය හිමිව ඇත.


එමෙන්ම ඊයේ (25) හවස පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි මෙම අතුරු සම්මත ගිණුම විවාදයට ගැනීම සඳහා දින නියම කර ඇති අතර ඒ අනුව දෙසැම්බර් 5 සහ 6 යන දෙදින තුළ එය පැවැත්වීමට ද නියමිතව ඇති බවද අමාත්‍යවරයා පැවසීය.


2024 වර්ෂයේ ඉදිරි කාලය තුළ ඇතැම් අත්‍යාවශ්‍ය වියදම් දැරීම හා ගිණුම්ගත කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන, පරිපූරක ඇස්තමේන්තුවක් මගින් සලසා ගත යුතුව ඇති බැවින් ඒ සඳහා හඳුනාගනු ලැබූ ඇතැම් වියදම් 2024 අනුමත විදයම් ඇස්තමේන්තු සීමාව තුළ ප්‍රතිපාදන ගැලපීම මගින් සිදු කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසීය.


ඒ අනුව එම කාර්යන් ඉටු කර ගැනීම සඳහා රුපියල් බිලියන 219,373ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා වන යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.



එම යෝජනා පහත පරිදි වේ.


01. ශ්‍රී ලංකා රජයේ ශේෂ පත්‍රයට මාරු කරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් බැංකු වෙත ලබා දීමට නියමිත පොලී සහනාධාර ගෙවීම පිණිස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 130,000ක ප්‍රතිපාදන සලසා ගැනීම


02. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ නමින් ඇති ඩොලර් ගිණුම්වල පවතින ශේෂය මත ඇති වී ඇති විනිමය අලාභය ගිණුම්ගත කිරීම පිණිස භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 18,000ක ප්‍රතිපාදන සලසා ගැනීම.


03. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂිත පොලී අනුපාතික ලබා දීමේදි බැංකු විසින් දරන ලද අමතර පොලී ගෙවීම් ප්‍රතිපූරණය කිරීම පිණිස සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 32,641ක ප්‍රතිපාදන සැලසීම.


04. චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදිවල වටිනාකම ගිණුම්ගත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 9,829ක ප්‍රතිපාදන සලසා ගැනීම.


05. අමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලැබී ඇති ගුවන් යානා 02 වටිනාකම ගිණුම්ගත කිරීම සහ බදු ගෙවීම පිණිස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රුපියල් මිලියන 8,331ක ප්‍රතිපාදන සලසා ගැනීම.


06. වැඩි කරන ලද විශ්‍රාමික දීමනා ගෙවීම පිණිස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,4000ක ප්‍රතිපාදන සලසා ගැනීම.


07. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව මූල්‍ය/ නීති උපදේශකයින් වෙත ශ්‍රී ලංකා මහ බැකුව විසින් සිදුකරන ලද ගෙවීම ප්‍රතිපූරණය කිරීම පිණිස මුදල් අමාත්‍යංශය වෙත රුපියල් මිලියන 3,213ක ප්‍රතිපාදන සලසා ගැනීම.


08. චීන රජයේ ප්‍රදානයක් ලෙස උතුරු හා නැගෙනහිර පළාත්වල කුඩා පරිමාණ ධීවරයින් සඳහා සහන සැලසීමට ලැබී ඇති හදිසි ආදාර ගිණුම්ගත කිරීම පිණි ධීවර අමාත්‍යංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුවක් වෙත රුපියල් මිලියන 1,533ක ප්‍රතිපාදන සැලසීම.


09. ජපන් රජයේ ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා සඳහා ලැබී ඇති ඉන්ධන තොගවල වටිනාකම ගිනුම්ගත කිරීම හා රුපියල් මිලියන 5225.5ක තීරු බදු ගෙවීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 10,826ක ප්‍රතිපාදන සලසා ගැනීම.


10. පාසල් පෝෂණ වැඩසටහන සඳහා එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් දෛනිකව දැරිය යුතු මුදල රුපියල් 85/- සිට රුපියල් 110/- දක්වා වැඩි කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,800ක ප්‍රතිපාදන සලසා ගැනීම.


11. ස්වභාවික ආපදා හේතුවෙන් හානියට පත් වූ දේපළ ප්‍රතිසංස්කරනය සඳහා වන්දි ගෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන සලසා ගැනීම.


12. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාරවල රැඳවියන් වැඩිවීම සහ ආහාර මිල ඉහල යාම හේතුයෙන් ආහාරපාන සඳහා දැරිය යුතු පිරිවැය ඉහළ යාම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,400ක ප්‍රතිපාදන සලසා ගැනීම


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads