Iklan

වාහන ආනයනය සම්බන්ධව IMF මතය කියයි

Saturday, November 23, 2024
Last Updated 2024-11-23T18:20:13Z
masukkan script iklan disini


 

වාහන ආනයනය කිරීමේ රට තුළ පවතින සංචිත පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසයි.


අද (23) කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. 


එහිදී ඔහු පැවසුවේ වාහන ආනයනය සඳහා පැවති සීමාවන් ඉවත් කිරීමේදී එය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරනු ඇති බවය.


ප්‍රශ්නය - 2025 වසරේ පෙබරවාරි වනවිට වාහන ආනයන සීමාවන් ලිහිල් කරන බව පසුගිය රජය ප්‍රකාශ කළා. නව රජය ඒ අනුව කටයුතු කළහොත් එය IMF නිර්දේශවලට අනුකූල වෙනවා ද?


"මෝටර් වාහන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ තීරණය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරන බව පැහැදිලියි. ඒ පිළිබඳ අප මෙවර ඇගයීමේදි මෙන්ම මීට පෙර ඇගයීමේදි ද සාකච්ඡා කළා. වාහන ආනයන සීමාවන් ඉවත්කිරීම රජයේ ආදායම් ඉහළ නංවන මූලාශ්‍රයක්ද වනවා. එමගින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදාවුවත් රටේ සංචිත පිළිබඳ අවධානය යොමුකර පරික්ෂාකාරීව එය කළමනාකරණය කළ යුතුයි."


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads